පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය- හැටන් මාර්ගයට රදැල්ල හා පතන යන ප්රදේශවලදී පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට අද (04දා) බාධා එල්ලව පැවැතිණි.
මෙම ප්රදේශවලට වැටී තිබු පස් කඳු පොලීසිය, යුද හමුදාව හා නුවරඑළිය මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ඉවත් කිරීමට පියවර ගත් බවත්, අවහිරව තිබු ස්ථානවල මාර්ගයේ එක් මංත්රීරුවක රථ වාහන ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කරන ලද බව නුවරඑළිය දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.
ශාන් හුලංනුගේ