ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ප්රතිඑල නිකුත් කිරීමෙන් අනතුරුව බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි එක්සත් ජාතික පක්ෂ මහ ඇමති ධුර අපේක්ෂක හරින් ප්රනාන්දු මහතාට සිය නිවසට යාමට සිදුවූයේ මාර්ගයේ ගමන්ගත් ත්රිරෝද රථයක ආධාරයෙනි.
හරින් ප්රනාන්දු මහතා පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් අතිවිශාල පිරිසක් බදුල්ල දිස්ත්රික් ලේකම් කාර්යාල භූමිය ඉදිරිපස මාර්ගය වෙත පැමිණ සිටීම හේතුවෙන් නිවසට යාමට නිල රථය තමා සිටි ස්ථානයට රැගෙන ඒමට නොහැකිවීමෙන් ඔහුට ත්රිරෝද රථයකින් නිවස බලා යාමට සිදුවිය.
එන්.කේ. නිශ්ශංක මීගහකිවුල