වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයට පත්වූයේ අරගලය නිසා බැවින් ඔහු අරගලකරුවන්ට පහන් පත්තු කර වැදිය යුතුව ඇතැයි ජතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා පැවැසීය. අද (23දා) අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පීඩාවට ලක්වුණ ජනතාව තමන්ගේ පීඩාව මුදා හරින්න, විරෝධය දක්වන්න මහපාරවල්වලට ආවා ඒකෙන් තමයි අරගලය ඇති වුණේ. අරගලය ඕපපාතිකව ඇතිවුණ එකක් නෙමෙයි. ඉතිහාසයේ පළමු වතාවට විධායක ජනපතිවරයෙක් ධුරයෙන් පළවාහරින්න ජනතාව කටයුතු කළා. ඒක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නැගිටීමක්. ඒ අරගලය නිසා තමයි මේ දේශපාලයේ වෙනස්කම් ඇතිවුණේ.
අද ජනපති පුටවට ආවේ අරගලයට පිංසිද්ධ වෙන්නෙ. අද අරගලයට නිගා කරනවා. අරගලය මර්දනය කරන්න කටයුතු කරනවා. හරිනම් එතුමා අරගලකරුවන්ට උදේ හවස පහනක් පත්තු කරලා හඳුන්කූරු පත්තුකරලා වදින්න ඕන. එහෙම ජනපතිවරයා අරගලය මර්දනය කරන හැටි හමුදාව යොදවන හැටි පොලීසිය යොදවන හැටි කථා කිරීම ගැටලුවක්”