රිය අනතුරකට අදාළ තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
වව්නියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, වව්නියාව හිටපු පොලිස් අධිකාරී, සෙට්ටිකුලම පොලීසියේ හිටපු ස්ථානාධිපති ඇතුළු පරිසකට මෙසේ ඇප නියම විය.