සෞදියේ වෙසෙන ශ්රී ලංකික ගෘහ සේවක සේවිකාවන් තම අනුග්රාහකයන්ට එරෙහිව දිනකට ආසන්න වශයෙන් පැමිණිලි තුනක්වත් ඉදිරිපත් කරන බව සෞදියේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මෙම පැමිණිලි අතරින් බොහෝමයක් අඩු වැටුප් ගෙවීම්, ගිවිසුම් අලුත්කිරීම් හා ශාරීරීක වදහිංසාවලට ලක්කිරීම් වැනි හේතු පදනම් කරමින් ලැබෙන බවද තානාපති කාර්යාලය සඳහන් කරයි. සෞදි අරාබිය තුළ ශ්රී ලාංකිකයන් 350,000 ක් පමණ රියදුරන් හා සේවකයන් වශයෙන් සේවය කරන අතර, එයින් 80% ක් පමණ ගෘහ සේවක සේවිකාවෝ වෙති.
(අරාබි නිවුස් ඇසුරිනි)