මැල්කම් රංජිත් කාදිනල්වරයාගෙන් වෙන්ව ස්වාධීනව සිටිමින් ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වන්නේ නම්, උන්වහන්සේට සහය පළකිරීමට සූදානම් බව බොදුබල සේනා සංවිධානය පවසයි.
ඊයේ (18දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ මේ බව පැවසූහ.
ජනාධිපතිවරයාට අභියෝගයක් එල්ල කළ හැකි ශක්තිමත් විපක්ෂ නායකයෙකු නොසිටීම කණගාටුවට කරුණක් යැයි කී උන්වහන්සේ ඒ හිඩැස පිරවීමට ස්වාමීන් වහන්සේ නමකට වූවද අවස්ථාව ඇතැයි කීහ.