2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම (සංශෝධන) පනත ගරු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් (කේවල ඡන්ද ක්‍රමය/ සරල බහුතර ක්‍රමය හා සමානුපාතික නියෝජනය) හඳුන්වා දෙන ලදී.
සීමා නිර්ණය කමිටුව මාස 04ක් වැනි සුළු කාලයකදී සිදුකළ කාර්ය අගය කළ අමාත්‍යවරයා ඉදිරි සති දෙක තුළදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව 50% නියෝජිතයන් පත්කරගත යුතු වන අතර, තවත් 50%ක් දිස්ත්‍රික් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය (අතිරේක ලැයිස්තුව) අනුව තෝරා පත්කරගත යුතුය. අදාළ පනත අනුව අතිගරු ජනාධිපතිතුමා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත සීමා නිර්ණය කමිටුවක් පත්කරන ලදී. මැතිවරණ කොට්ඨාසවල සීමාවන් නිර්ණය කිරීම සඳහා බලය ඊට පැවරූ අතර පත්කළ දින සිට මාස හතරක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතු විය.
ඉහත කමිටුව මගින් පිළියෙල කළ පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදීම අද (19දා) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.