දිගුකාලීනව පැවති ආබාධිත තත්ත්වය හේතුවෙන් සරසවි නායකත්ව පුහුණුවේදී සිසුවෙකු මිය ගිය බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගන්නෝරුව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ නායකත්ව පුහුණුවට සම්බන්ධව සිටි සිසුවෙකු ඊයේ (01දා) මියගිය අතර, ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කළේ එම ආබාධ තත්ත්වය සඳහා ඔහු දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගනිමින්ද සිටි බවයි.
සරසවි සිසු නායකත්ව පුහුණුවේ තෙවැනි අදියරේ පුහුණුවීම් සඳහා සම්බන්ධව සිටි නොච්චියාගම පදිංචි ළහිරු සඳරුවන් රත්නායක නැමති සිසුවා මෙහිදී ජීවිතක්ෂයට පත්විය. බඩේ ආසාදනයක් නිසා පසුගිය 26වැනිදා ළහිරු රෝහල් ගත කළ අතර, 28 වැනිදා ඔහු ශල්‍යකර්මයකටද භාජනය කරන ලදී.