බස් ගාස්තු සංශෝධනය යටතේ 10%ක බස් ගාස්තුවක් ලබාදීමට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත්, එය ලිඛිතව ලබාදීමට කටයුතු කළහොත් ප්‍රකාශිත බස්රථ වර්ජනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
කැබිනට් මණ්ඩලය අනුමත කළ බස් ගාස්තුව පිළිනොගන්නා බවත්, එයට විරෝධය පෑම නිසා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සාකච්ඡාවක් ලබාදුන් බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව 10% බස් ගාස්තුවක් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වූ බවත්, එම පොරොන්දුව මධ්‍යම රාත්‍රියට පෙර ලිඛිතව ලබාදීමට කටයුතු කළහොත් අද මධ්‍යම රාත්‍රියෙන් පසු සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩවර්ජනයෙන් ඉවත්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය හා සමස්ත ලංකා බස්හිමියන්ගේ සංගමය 15% බස් ගාස්තුවක් හා අවම ගාස්තුව රුපියල් 15ක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (16දා) මධ්‍යම රාත්රියේදී බස්රථ වැඩවර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණි.