සිංහල බෞද්ධයෙකු හා ශ්‍රී ලංකා ජාතිකයෙකු විම ගැන තමන ආඩම්බර වන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එසේම තමන් ශ්‍රී ලාංකිකයෙකු වීම යනු සිංහල බෞද්ධ උරුමය දෙමළ හින්දු උරුමයට, ක්‍රිස්තියානි උරුමයට හෝ මුස්ලිම් ඉස්ලාම් උරුමයට යටත් වීමක් නොවන බවද හෙතෙම පැවැසිය.
එසේම දෙමළ හින්දු උරුමය, ක්‍රිස්තියානි උරුමය හා මුස්ලිම් ඉස්ලාම් උරුමය ශ්‍රී ලාංකේය අනන්‍යතාවය හේතුවෙන් ඒ ඒ උරුම සඳහා යටත් නොවන බවද හෙතෙම කීවේය.
බේරුවල සපුගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ ඉදිකළ මනිමුත්තු ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පැවැසීය.
මෙම ශාලාව එම්. මනිමුත්තු නම් දෙමළ ජාතික ව්‍යාපාරිකයෙකු විසින් රුපියල් ලක්ෂ 28ක් වැය කරමින් ඉදිකරන ලදී.