ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ පා ගමන අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව දක්වා පැවැත්විණි. දියවැඩියාව මෙරටින් තුරන් කිරීමේ අරමුනින් පැවති මෙම පා ගමන අවසානයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමිමන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ˜මිහිලක මැදුරේ ˜ පැවති දේශණයට සහභාගී වු ජනාධිපතිවරයා පැවසුවේ මිනිසාගේ සැබෑ දියුණුව නම්, ඔහු තාක්ෂණයෙන් ලබන දියුණුව නොව කායික හා මානසික නිරෝගී සුවය තුළින් ලබන දියුණුව බවය. දියවැඩියාවෙන් තොර නිරෝගිමත් ජීවිතයක් ඇති කර ගැනීම සදහා තම තමන් විසින් යහපත් ජීවන රටාවන් අනුගමනය කළ යුතු බව අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දියවැඩියාව වැළැක්වීම වෛද්‍යවරුන්ට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව ද කියා සිටියේය. 2010 වසරේදී ආරම්භ කළ දියවැඩියාව වැළැක්වීම සදහා වූ පා ගමනට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස අඛණ්ඩව පස් වසරක් සහභාගී වූ හෙතෙම මෙවර ජනාධිපතිවරයා වශයෙන් සහභාගී වූයේ පළමු වතාවටය.
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් දියවැඩියා තුරන් කිරීම සදහා වූ කමිටුවේ ප්‍රධාන සංවිධායක විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුගම්පල මහතා ඇතුඑ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම පා ගමන සංවිධානය කෙරිණි. මෙරට ජනයාගේ සීනි භාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් සැකසූ නව චක්‍රලේඛය සහ˜ආරෝග්‍යා˜ පුවත්පත සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමි, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, දියවැඩියාව තුරන් කිරීම සදහා වූ කමිටුවේ සාමාජිකයින් වන උදිත බුලූගහපිටිය, අනුරුද්ධ පාදෙණිය, අමල් හර්ෂ සොයිසා යන වෛද්‍යවරුන් ඇතුඑ විශාල පිරිසක් එක්ව සිටියහ.