2014 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 3.5% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.5% අගයේම රැඳී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 අගෝස්තු මාසයේ 3.5% ක් ලෙස පැවති අතර, එය සැප්තැම්බර් මාසයේදීද 3.5% ක් ලෙස මෙසේ නොවෙනස්ව පවතී.
කෙසේ වෙතත්, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය අගෝස්තු මාසයේ වාර්තා කළ 4.5% සිට සැප්තැම්බර් මාසයේදී 4.2% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.