අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාග උත්තර පත්‍ර ඇගයීම විභාග පවත්වන නිවාඩු කාලය තුළදීම අවසන් කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස්වීම් ලැබූ විදුහල්පතිවරුන් 85 දෙනෙකුට උසස්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් හේතුවෙන් සිසු දරුවන්ට සිදුවන අපහසුතා වළක්වා ගැනීමටත්, උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා යොදාගන්නා පාසල් වසා තැබීමේ කාලය අවම කිරීමටත්, ඊළඟ පාසල් වාරය ආරම්භයේ සිටම ගුරුවරුන්ට තම පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටත් මේ මගින් හැකි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.