දුම්රිය ස්ථානාධිපතිවරු විසින් ක්‍රියාත්මක කරන ලස පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.
ප්‍රධාන මාර්ගය ඇතුළු දුම්රිය මාර්ගවල ධාවනය වන දුම්රියන් විශාල ලෙස ප්‍රමාධ වී ඇති අතර දුම්රිය ස්ථානවල මගීන් විශාල ප්‍රමාණයක් රැඳි සිටින බවද සඳහන්.
එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාද වී දුම්රිය ධාවනය වුවත් දුම්රිය ගේට්ටු ක්‍රියාත්ම නොවීම නිසා අනාරක්ෂිත තත්තවක්ද හටගෙන ඇතැයි ද වාර්තා වෙයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොදැක්වීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම ප්‍රමාධ කිරීම සහ එක්වරම දුම්රිය අවලංගු කිරීම ආදි කරුණු කිහිපයකට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්ම කරන බවත් මෙම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවටට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු පරිපාලනය බාරගත යුතු බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.