හෙට (04දා) දිනට යෙදී තිබෙන 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පන්සිය දහසයකට අධික හෝ ඊට ආසන්න පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කළේය. මෙම පිරිසට ජනාධිපති සමාව ලැබෙන බවත්, ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් පිළිබඳව තොරතුරු අද (03දා) නිශ්චිතවම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් එම නිලධාරියා පෙන්වා දෙයි. සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳින පිරිස් හා කෙටි කාලීනව සිරදඬුවම් ලබන පිරිස් සඳහා අදාළ සමාව ලැබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.
අදාළ පිරිස් නිදහස් කිරීම ඒ.ඒ. බන්ධනාගාර මට්ටමින් සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.