දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනය වෙනුවෙන් කාලගුණ විද්‍යා අනාවැකිය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඌව හා නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත් දකුණු හා නැගෙනහිර පළාත්වලත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තරමක් තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එසේම මධ්‍යම හා ඌව පළාත්වලත් ගම්පහ, කොළඹ හා කෑගල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලිට මිල මීටර් 75ක පමණ තරමක් තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.