මෙරට සියලු පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ මැයි මස 31 වැනිදා සිට ඉදිරියට ප්රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව, රක්ෂණ ප්රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකිය.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112357357 යන දුරකථන අංකය හෝ සුරක්ෂා සේවාව සඳහාම වෙන්වූ විශේෂ වූ දුරකථන අංක 0112319015/ 0112319016 හෝ 0112319017 ඇමතීමෙන් ලබාගත හැකි ය.