සමථ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී ගමේ ආගමික නායකයින් ඒ සඳහා සාමාජිකයින් වශයෙන් පත් කළ යුතු බවත් සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ වැලිමඩ සමථ මුල මණ්ඩල සාමාජිකයින් අමතමිනි.
සමථ මණ්ඩල වලින් බලාපොරොත්තු වෙන්නේ උසාවියකින් වන සේවය නොවෙයි.සමථ මණ්ඩල වලින් සිදු කළ යුතු වන්නේ නඩුවේ සමස්ත හරය ගෙන දෙපාර්ශ්වය සමථයකට පත් කිරීමයි.
නඩුව අධිකරණයට යාමට නොදී සමථ මණ්ඩලය තුළම විසදීමට සමථ මණ්ඩල සාමාජිකයින් සෑම අවස්ථාවකම කටයුතු කළ යුතුයි. සමථ මුල මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදි සෑම අවස්ථාවකම ගමේ ප්‍රදේශයේ ගෞරවයට පත් වුනු අය පත් කළ යුතුයි.
අපේ විහාරස්ථාන වල කෝවිල්වල පල්ලිවල සිටින ආගමික නායකයින් අනිවාර්යයෙන්ම සමථ මණ්ඩල සදහා සාමාජිකයින් පත් කිරීමේදී පත් කළ යුතු වෙනවා.ඒ වගේම සමාජ සේවා සංවිධානවල කටයුතු කරන අය විශ්‍රාම ලැබු විදුහල්පතිවරුන් ගුරුවරුන් වැනි අයත් සමථ මණ්ඩල වල සාමාජිකයින් බවට පත් කළ යුතුයි.
ඉදිරියේදී සමථ මුල මණ්ඩලවල බලය තවදුරටත් වැඩි කිරීම සදහා අපි කටයුතු කරනවා.ඒ පිළිබදව සොයා බැලීම සදහා මේ වන විටත් විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවත් එහි නිර්ණායක ලැබුනු පසු ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.”