උපාධිධාරීන් නොවන තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරු භවතුන් සඳහා වෘත්තිය තාක්ෂණික විශ්වවිද්‍යාලය මඟින් උපාධි අවස්ථා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2016 වසරේ දී ගුරුවරුන් 500කට උපාධි අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ යටතේ 2015 වර්ෂය සඳහා ගුරුවරුන් 35 දෙනෙකු සඳහා මෙම අවස්ථාව ලබා දී ඇති අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ප්‍රවර්ධන පද්ධතිය, සංරචක 5ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. ඒ යටතේ පළාත් හා කළාප තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථාන විශිෂ්ට මධ්‍යස්ථාන ලෙස දියුණු කිරීම, අන්තර්ජාලයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා පාසල් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ජාල කළමනාකරණ පද්ධතිය වෙත ගුරුවරුන් හා සිසුන් යොමු කිරීම, තරුණ පරිගණක විද්‍යාඥයෝ තරගවලිය යනාදී වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.