පසුගිය 13දා අලුයම බද්දේගම සතොස වෙළදසැලේ ප්රධාන වීදුරුව බිඳ ඇතුළු වී රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසීය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බෙන්තොට ප්රදේශයේ වැඩිහිටි නිවාසයක සාත්තු සේවකයකු ලෙස සේවය කල 39 හැවිරිදි අයෙකි. මෙම පුද්ගලයා මිට පෙරද මෙවැනිම ආකාරයේ චෝදනාවන්ට ලක්ව අධිකරණයෙන් දඩුවම් ලබා ඇති බවත්මොහු සුදුක්රීඩාවට ලොල් වූ පුද්ගලයෙකු බවටද අනාවරණය වී ඇත.
සැකකරු විසින් සොරාගන්නා ලද කිරිපිටි පැකට් ගාල්ල වංචාවල ප්රදේශයේ වෙළඳසලකට විකුණා ඇති අතර පොලිසිය විසින් එම කිරිපිටි පැකට් තොගයද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.