www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
ජාතික චිත්‍රපට සංස්ථාවේ 42 වැනි සැමරුම් උත්සවයේදී ජාතික චිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරිමට මූලිකත්වය ගත් හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡායාරූපයකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා සඳහන් කළේ එම ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට මුලින්ම තමන්ට ආරාධනා කරනු ඇතැයි සිතුවත් එය සිදු නොවූ බවයි.
“චිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර දක්වන්න පළමුව මාව කැඳවයි කියලා මම හිතුවා. සංස්ථාවේ නිලධාරීන් මල්මලා පැළැන්දුවා.මේ සඳහා ආරාධනා කර දෙපළම යම් චකිතයකින් අවිනිශ්චිත තාවයකින් හිටියා බණ්ඩාරනායක මැතිණිට ප්‍රේමදාසගේ පුතා පුෂ්පෝපහාර දක්වයිද කියලා.මගේ නමවත් කිව්වේ නැහැ.මෙයින්ම චිත්‍රපට සංස්ථාවේ තත්වය හිතාගන්න පුලුවන්.”
නිදුක් මධුෂික / ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
Champa Wednesday, 23 January 2019 12:38 PM
චිත්‍රපට සංස්ථාවට යූඑන්පීකාරයන්ගේ ඉතිහාසය මතක ඇති. අපේ පුංචි රට ලෝකයේ බැබලෙන නමක් විදිහට ප්‍රසිද්ධ කරන්න මුල්වුණු, මුළු ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙච්ච ලෝකේ පලවෙනි අගමැතිවරිය විදිහට රටට කීර්තියක් ගෙනාපු සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අවුරුදු 7 කට අහෝසි කරපු මෘග යූඑන්පී කාරයන්ගේ දේශපාලන පළිගැනීමේ ඉතිහාසය කවුරුත් දන්නවා. ඊළඟට ත්‍රස්තවාදයෙන් රට මුදවා ගෙන ලෝකේ පුරා නමක් රන්දපු මහින්දටත් ඒ පළි ගැනීමම කරන්න හැදුව. හැබැයි මිනිස්සු මහින්ද වෙනුවෙන් ඉස්සරහට ආපු නිසා සිරිමාට වගේ මහින්දගේ ප්‍රජා අයිතිය නැති කරන්න බැරි වුනා තාම.
Reply : 9 27
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd