සජිත්ට වඩා මට ගෝඨාභයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්. ගෝඨාභයත් එක්ක වැඩ කරන්න තව වෙන අගමැති කෙනෙක් ඕන නැහැ යි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ බද්දෙගම නගර සභා ශාලාවේ පැවති ජනහමුවක් අමතමින්ය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා ,
මේ මහා මැතිවරණය ගාලු දිසාවෙන් අපි ඉහලින්ම ජය ගන්නවා. ගාලු දිසාවෙන් පමණක් නොවේ අපි ලංකාවෙන්ම ඉහලින්ම ජය ගන්නවා. හැබැයි ගැටලුව ඒක නෙවෙයි. ජනාධිපතිත් එක්ක එකට වැඩ කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් හදන්න පුලුවන් විදිහටයි මේ මහා මැතිවරණය ජය ගන්න ඕන.
නැත්නම් පාර්ලිමේන්තුව එක පැත්තකයි ජනාධිපති එක පැත්තකයි වුනාම රට යන්නේ අනෙක් පැත්තට. පසුගිය කාලේ උනේ ඒකයි. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ. අගමැති කරනදේ ජනාධිපති කරන්නේ නැහැ. 2015න් පස්සේ වුනේ ඒ දේයි.
පසුගිය ජනාධිපතිවරණයෙන් ජනතාව අපිට හොඳ පණිවිඩයක් දුන්නා. මේ රටේ ජනාධිපති පත් කරන්න උතුරේත් නැගෙනහිරත් ඇතැම් අයගේ කේවල් කිරීමකින් තොරව එය කර ගන්න පුලුවන් වුනා. මීට පෙර ඒ දෙපළාතේ ඇතැම් අයගේ ඉල්ලීම්වලට කන්දීලයි ජනාධිපති පත් කෙරුනේ . ජනාධිපති පත් කෙරුණු දා ඉදලා ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරනවාට වඩා කාලයක් නැහැ. අපිටත් එදා එහෙම සිද්ධ වුණා. මේ පාර ජනාධිපතිවරණයෙන් එය වෙනස් වුණා. ඒකට දායකවූවේ ඔබයි.
මේ පාර මහ මැතිවරණයෙන් අපි පත් කර ගන්න ඕන ජනාධිපතිත් එක්ක එකට හොඳට වැඩකරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්. මේ පාර අපි දාලා තියෙන්නේ හොද කණ්ඩායමක්. වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක්. රටකට පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. රට දියුණු කරන අණපනත් සම්මත කරන්න. ඇතැම් අය විකෘති කළ ව්‍යවස්ථාව රටට ගැළපෙන ආකාරයට වෙනස් කරන්න .
කරන්දෙණිය - සුසිල් ප්‍රියන්ත බද්දේගම - සරත් ආනන්ද