ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 94 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද (24) දින සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්රී ලාංකික ගුවන් මගීන් පිරිස රැගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන විශේෂ ගුවන් යානය අද දින සවස 5.07 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තුළදී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .