ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ෂීෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (25) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 708 දරන විශේෂ ගුවන් යානය ෂීෂෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා නුවර ගුවන් තොටුපළේ සිට අද දින දහවල් 1.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් ෂීෂෙල්ස් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්. පරීක්ෂණ සදහා ලක් කෙරුණි .