ශාක අවශෝෂණය කළ කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය සම්බන්ධයෙන් ගෝලීය දේශගුණික මොඩලයන් විසින් මෙතෙක් අඩු තක්සේරුවක් සිදුකර ඇති බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.
ඒ අනුව, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, 1901 සිට 2010 දක්වා ජීවී වස්තූන් විසින් ඔවුන් කලින් සිතා සිටි ප්‍රමාණයට වඩා 16% ක වායූන් ප්‍රමාණයක් අවශෝෂණය කර ඇති බවයි.
මෙහිදී, වායුගෝලයේ ඇති ඇති කාබන් වර්ධන ප්‍රතිශතය එම දේශගුණික මොඩලයන් විසින් නිරන්තරයෙන් අධි තක්සේරුවක් කිරීමට හේතුවද පැහැදිලි කරන බව විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත්, විශේෂඥ මතය වන්නේ මෙම නවතම පර්යේෂණයේ දත්ත ගෝලීය උණුසුම සම්බන්ධයෙන් සිදුකර ඇති අනාවැකිවල වෙනස්කමක් හෝ ඒ කෙරෙහි බලපෑමක් සිදු නොකරනු ඇති බවයි.