ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී යම් වරදක් සිදුවී ඇතිද යන්න ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම තීරණය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් බව මහලේකම් බෑන්කී මුන්ගේ නියෝජ්‍ය වැඩබලන ප්‍රකාශක ෆර්හාන් හක් පවසා සිටියේය.
නියෝජ්‍ය වැඩබලන ප්‍රකාශක ෆර්හාන් හක් සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණයක් ඇරඹීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී හෙතෙම මෙම අදහස් දක්වා තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆර්හාන් හක් පවසා සිටියේ, සියලු තොරතුරු පිළිබඳ දැනුම්වත් වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාව බවයි.
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණයක් ඇරඹීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ මාධ්‍ය හමුවලදී ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම ප්‍රශ්න කිරීම් කරන ඉනර්සිටි ප්‍රෙස් නියෝජිතයා බවද කියැවෙයි.