2005 දී 4%ක්ව පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ මට්ටම මේ වනවිට 50%ක මට්ටමකට ලඟා වී ඇති බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ අද (25දා) පස්වරුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, ග්‍රාමීය ජනතාව වෙත තොරතුරු තාක්ෂණය ගෙන යාම වෙනුවෙන් ආරම්භ කළ නැණසල ව්‍යාපෘතිය යටතේ ඊයේ (24දා) වනවිට සිය 797 වැනි නැණසල මධ්‍යස්ථානයද පානදුර, මාළිමුල්ල ප්‍රදේශයේදී ආරම්භ කළ බවයි.
ඒ අනුව, තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයට අනුව 2005 වසරේ 4%ක් ව පැවති ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ මට්ටම මේ වනවිට 50%ක මට්ටමකට ලඟා වී ඇති බව අමාත්‍යවරයා පවසා සිටියේය.