එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් ගෙන ඒමට නියමිත යෝජනාවලිය සඳහා ඉන්දීය කොංග්රස් පක්ෂයේ උපසභාපති රාහුල් ගාන්ධිගේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව දමිළ පක්ෂ උනන්දුවෙන් පසුවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එම යෝජනාවලිය සඳහා ඉන්දීය රජයේ සහයෝගය දැක්වීම සඳහා අවශ්‍ය මැදිහත්වීම රාහුල් ගාන්ධි විසින් සිදුකළ යුතු බවද තමිල්නාඩු වී.සී.කේ. පක්ෂ නායක තොල් තිරුමාබලවන් සඳහන් කළ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.