අපවත් වී වදාල පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල ජනතාවක් අද (10) දිනයේදීද කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙමින් පවතී. සෝභිත හිමියන්ගේ දේහය අනිද්දා(12දා) දින දක්වා නාග විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන අතර අනිද්දා (12දා) දහවල් දෙකට විහාරස්ථානයෙන් විශේෂ රිය පෙරහරකින් දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාපිටිය දක්වා රැගෙන යාමට නියමිතය. පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නායකහිමියන්ගේ දේහය ආදාහනය කිරීමට නියමිතය.
ඡායාරූප - ඉසුරු පෙරේරා