රට රකින නිල් පවුර - සුරකිමු මවුබිම තේමාව යටතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන මට්ටමෙන් ක්‍රියාත්මක කරන සම්මේලන මාලාව යටතේ මේ වනවිට පක්ෂ නියෝජිත, කාන්තා සහ තරුණ සමුළු 494ක් ඊයේ (16දා) වනවිට පවත්වා ඇති බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග සහ රටත්, ජනතාවත් සමීප කරුණු රැසක් සාකච්ඡාවට ලක්කළ මෙම වැඩසටහන යටතේ ආසන නියෝජිත සම්මේලන 138ක්, කාන්තා නියෝජිත සම්මේලන ආසන 124ක්, තරුණ සම්මේලන 232ක් ආසන 45ක පවත්වා ඇති බවත්, ඊට අපේක්ෂිත සංඛ්‍යාවටත් වඩා විශාල ජන සහභාගිත්වයක් ලැබුණු බවත් කියයි.
ශ්‍රීලනිප ප්‍රධාන අනු සංවිධාන වන කාන්තා, තරුණ අමතරව පැවිදි, නීතිඥ, ගුරු, ගොවි, ආයුර්වේද වෛද්‍ය, ඇතුළු සංවිධාන ද මෙම වැඩසටහන යටතේ ප්‍රතිසංවිධානය කර ඇති බවද කියයි.
ශ්‍රීලනිප සාමාජිකයන් බඳවා ගැනීමේ නිල් රැල්ල වැඩසටහන පසුගිය වසරේදී එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවති අතර, එහිදී ලක්ෂ 23ක් ශ්‍රීලනිපයට නව සාමාජිකයින් සාමාජිකත්වය ලබාගත් බවත්, එය අපේක්ෂිත ඉලක්කය මෙන් දෙගුණයක් බවත් පැවසෙයි.