ශ්‍රී ලාංකාවේ කුකුළු මස් නිෂ්පාදන ඕමානයේ අලෙවි කිරීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඕමානයේ අල් හමාඩි ට්‍රේඩිං ඇන්ඩ් කොන්ත්‍රාත් එල්එල්සී සමාගමට අයත් ඇලෙවිසැල් හරහා CRYSBRO ශීත කළ කුකුල් මස් අලෙවි කිරීම ආරම්භ කර ඇති බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.
පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන අපනයනය කිරීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පුද්) සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුල් මස් මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කළේය.
එය ඉතිහාසයේ පළමු වතාවට මැද පෙරදිග වෙළඳපොළට ශ්‍රී ලංකාව කුකුළු මස් නිෂ්පාදන ලෙවි කළ පළමු අවස්ථාව වෙයි.