මාර්තු 28 වැනි සෙනසුරාදා දහවල් වන විට එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් 17,457 දෙනෙකු විදේශ සබඳතා අමාත්‍යාංශයේ ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරයෙහි ලියාපදිංචි වී සිටියහ.
මෙයින් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන් ද, 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද වෙති.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණය කරන ලද මෙම මාර්ගගත ද්වාරය, 2020 මාර්තු 26 වැනි බ්‍රහස්පතින්දා දියත් කරන ලදී. එය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.
‘ශ්‍රී ලංකාව අමතන්න’ ද්වාරය හරහා මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, ඊයේ (මාර්තු 27) රජය විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, COVID-19 වෛරසය ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටියි.