වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත් කළ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස අද (03දා) සවස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
ඔහු සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින නිලධාරියෙකු නිසා එම තිරීණය ගත් බව එම සංගමය පවසා සිටියි.
මීට අමතරව අදාළ පත්කිරීම පිළිබඳව අද (03දා) පැවැත්වෙන තම සංගමයේ විධායක රැස්වීමේදී තීන්දුවක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ලෙස තම සංගමය පිළිනොගන්නා බවද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත අතපත්තු මහතා සඳහන් කළේය.