විශ්රාම වැටුප් විෂමතා ඉවත්කර දෙන ලෙස රජයට බලකරමින් විශ්රාමිකයෝ අද (06දා) ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා රැසක් පවතින බව ඔවුහු පෙන්වාදෙති. මහින්ද චින්තන වැඩපිළිවෙලින් විශ්රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන බව පෙරොන්දු දුන්න ද එය මෙතෙක් ඉටුවී නැතැයි විශ්රාමිකයෝ පවසති.
ඔවුන් පවසන්නේ ඉදිරි මැතිවරණයට පෙර වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් ලක්ෂ 25ක් වූ විශ්රාමිකයන්ගේ ඡන්දය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බවයි.