බෝම්බයක් පුපුරවමින් ජාතියක්, ආගමක් සහ රටක් විනාශ කර කණ්ඩායමක් බලයට පැමිණෙන ආකාරයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තමාට අදහසක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
එම චිත්‍රපටය රඟදැක්වීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවෙන් සහයෝගය ලබාගන්නා බව අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
එම චිත්‍රපටය නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය නොවන බවත් අදාල ප්‍රහාරයට වගකිව යුතු වන්නේ යහපාලනය නොවෙයිද යන්න අතීතාවර්ජනය කර බලන ලෙස සඳහන් කරන බවත් එහිදී අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - මගේ ඔලුවේ මවාගත් චිත්‍රපටයක් තිබෙනවා. ඒක රඟදක්වන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න භූමිකාව සහ සහයෝගය ලබා ගැනීමට මම මේ පාර්ලිමේන්තුව අවස්ථාවක් කර ගන්නවා. මට මේකට ඔ්නී වෙනවා ත්‍රස්ථවාදී කණ්ඩායමකට සල්ලි දීලා මෙහෙයවපු කණ්ඩායමක්. ඒකට ගමු ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම. මේ චිත්‍රපටය කවදා හරි එළිදක්වන්න ඔ්නී.
ඊලගට මට අවශ්‍ය වෙනවා බුදුපිලිම කඩපු, බෝ අතු කඩපු කෙනෙක්. ඒකට අපි දිලුම් අමුණුගම මන්ත්‍රීතුමාව ගමු. මොකද මේ ජාතිවාදී අරගලයක් හදන්න ඔ්නී. ඊට පස්සේ ඔ්නී වඳ කොත්තු බාස් කෙනෙක්. ටකර ටකර ගාන කටහඩ තියෙන. ඒකට හොදයි ගම්මන්පිල ඇමතිවරයා. මගේ මේ චිත්‍ර පටයේ කොත්තු ටික කන්න දෙනකොට අර පැත්තෙන් ඇමතිවරයා ඇවිල්ලා මේක කන්න එපා, ජාතිය ආගම විනාශ වෙනවා කියලා පොඩි ආතල් ගන්න කෑල්ලක් තිබෙනවා. ඊලගට වඳ සැත්කම්. මේකට ගමු අර රිවස් පෙත්ත ගැන දන්න, වෛද්‍ය විද්‍යාව ගැන හොඳටම දන්න, පැලෝපීය නාලය කපපු විදිය පෙන්වපු විමල් වීරවංශ මහත්මයාව ගමු.
මේක හොඳ චිත්‍රපටයක් වෙනවා. මේ චිත්‍රපටය තුල තිබෙන්නේ සැබෑ වූ ජාතිප්රේමින් කවුද ජාතිවාදීන් කවුද කියලා. මේකට නම දාන්න බැරි වුනා. ‘ජී.ආර් එක්ක බෑ’ කියන එක හොඳයිද. ඊලගට සහරාන් කෙනෙක් දාන්න ඔ්නී වෙනවා. සහරාන්ට දාන්න මම කල්පනා කරන්නේ අලි සබ්රි ඇමතිවරයා. ජාතිවාදය කවුද වැපුරුවේ, කොහොමද වැපුරුවේ, මොනා නිසාද වැපුරුවේ, ඒ සඳහා මේ රටට ඔබට වුනේ මොකක්ද කියලා පෙන්විය යුතු නැද්ද චිත්‍රපටයකින් හරි.
මේකේ මහා මොලකරු ඉන්නවා. ඒක තමයි වැදගත්ම දේ. මේ චිත්‍රපටයේ මුල ඉදක් අගට නලු නිලියන් හදලා අවසාන ජවනිතාවේ තිබෙන්නේ බෝම්බයක් පුපුරලා ජාතියක්, ආගමක් රටක් විනාශ කරලා කාලකණ්නි විදියට බලයට එන එකක්. බලය ගන්න මිනී මරන්න ඔ්නීද? ජි.ආර් එක්ක බෑ යන එකේ මහා මොලකාරයා ලෙස දාන්නේ වර්ථමාන මුදල් ඇමතිවරයා. මේ චිත්‍රපටය අවසානයේ රඟ දැක්වීමේ දිනය මමත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ - මේ මන්ත්‍රීවරයා අවසරයක් ඉල්ලුවා චිත්‍රපටයක් නිර්මාණය කරන්න කියලා. මම කියන්න ඔ්නී 2015 ඉදලා බුද්ධි අංශට 97 වතාවක් වාර්ථා කරලා , ආරක්ෂක කවුන්සිලයට සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳ වාර්ථා වෙලා තිබියදී , රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය හිටපු ඇමතිවරයාට ලිකිතව දැනුම් දීලා තිබියදී මේ ප්‍රහාරය සම්බන්දයෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තයක් අරගෙන ගිය කණ්ඩායමට අතීතාවර්ජනයක්ක කරන්න වෙනවා. මේ ප්‍රහාරය වෙලා, දැනුවත් වෙලා සිටියදී කොහොමද නිහඬව නිදියගෙන හිටියේ කියලා. වරද්ද කරපු අය තව කණ්ඩායමකට ඇගිල්ල දිගු කරලා හරි යන්නේ නෑ. ඒ නිසා අපෙන් අවසර ගන්න ඔ්නී නෑ. අතීතාවර්ජනයක් කරලා බලන්න මේ ප්‍රහාරයට වගකිව යුත්තේ යහපාලනය නෙවෙයිද කියලා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - මගේ ප්‍රකාශය විකෘති කරනවා. මම චරිත හෙව්වේ. මම ඒකට දාන්නම් ඔබතුමාලගේ පිලේ ඉන්න මෛත්‍රීපාල මහත්මයාව.