මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත්වරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කරගැනීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්රියාතත්මක කිරීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (16දා) තීරණය කළේය.
විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ධ අඩු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට පටහැනි බව සඳහන් කරමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් විිභාගයට ගන්නවාද? නැද්ද? යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය එලෙස තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ආර්ත මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් අදාළ නියෝග නිකුත් කෙරිණී.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, දිසා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ මහෙස්ත්‍රාත්වරුන්ගේ සංගමය එක්ව පවරන ලද මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කොට ඇත.
විනිසුරුවරුන්ගේ සංගම් විසින් පවරා ඇති මෙම පෙත්සම් වලන් විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කර ගැනීම සුදුසු නොවන බවත් එය ව්‍යවස්ථාපිත නීතියට පටහැනි බවත් සඳහන් කොට ඇති අතර එසේ වුවත් දේශිය ආදායම් දෙපාර්තමෙන්තුව සිය වැටුප් වලිින්ද උපයන විට ගෙවීමේ ආදායම් බදු අයකර ගැනීීමට තීරණය කොට ඇතැයි ස`දහන් කොට ඇත.
පෙත්සම් කැඳවනු ලැබුු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළ අභියාචනාධිකරණය විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය පෙත්සම කැඳවන ලබන 22 වැනිදා දක්වා දීර්ඝ කිරීමටද නියම කළේය.