වැඩවර්ජනයේ නිරත අනියම් හා පරිවාස කාලයේ සිටින සියලුම විදුලි සේවකයන් හෙට (15දා) උදෑසන 8.30ට පෙර සේවයට වාර්තා කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
උදෑසන 08.30ට පෙර සේවයට වාර්තා නොකරන සියලු සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.