විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති 13%ක වැටුප් වැඩිකර ගැනීමක් සිදුකර තිබෙන බවත්, අවසානයේදී එම මුදලත් විදුලි බිලට එකතු වන බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
විදුලි බිලෙන් 50%ක මුදලක් මණ්ඩලය තුළ සිදුවන මූල්‍ය වංචා හේතුවෙන් එකතු වී තිබෙන බවට වෘත්තීය සමිති සඳහන් කරන බැවින් මේ පිළිබඳව වහාම සොයා බලන ලෙස මහජන උපයෝගිතා කොමිෂමෙන් අද (21දා) ලිඛිතව ඉල්ලා සිටි බවද එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
විසඳුම්වලට එකඟතා පැමිණීමේදී විදුලි බිල අඩු කිරීමේ යෝජනාව වෘත්තීය සමිති අමතක කර දැමූ බවද හෙතෙම පවසා සිටියේය.