මේ වසරේ සිට ජාතික අධ්‍යාපන විද්යාපීඨාවලට බඳවා ගන්නා සියලු දෙනාට අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විශ්වවිද්‍යාලයට ඇතුළුවන පිරිස ප්‍රායෝගික පුහුණුවක් නොලබා උපාධිය ලබාගත්තද ප්‍රායෝගික පුහුණුවක් ලබන පිරිසට ඩිප්ලෝමාවක් පිරිනැමීම අසාධාරණ බැවින් මෙම තීරණය ගත් බව අද (15 දා) බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.