දිවයිනේ බොහෝ ප්‍ර දේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ අනුව ඉදිරි දිනවල බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය හා මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍ර දේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.