රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙලෙදසැල් හිමියන් පනවන ලද රු 2500ක දඩය රු 100,000 දක්වා වැඩි කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි වෙලෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.