වැට් බදු අයකිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව අවසන් තීරණයකට පැමිණ නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වැට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත්කරගෙන ඇති අතර, රජය තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාකර අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශකළේය.
අද (24දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව පැවසීය. එළඹෙන අයවැයට පෙර වැට් තීරණය දැනුම්දෙනවාද නැද්ද පිළිබඳ තීරණයක් නොමැතිබවද අමාත්‍යවරයා කීය.