2022 වසරේදී ලංවිම සිදුකළ වැටලීම් වලින් උසාවි ගාස්තු හා ලංකා විදුලි බල මණ්ඩලයට සිදුකළ පාඩුව වෙනුවෙන් රුපියල් ලක්ෂ 750ක පමණ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
මේ අනුව විදුලි මීටර (Meter Cases) ආශ්රිතව සිදුකල වැටලීම් 1,114 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 72,393,474.80 ක මුදලක් උපයා ගැනීමට හැකිවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
ඒසේම විදුලි රැහැන් වලට කොකු ගසා විදුලිය ලබා ගැනීම් (Hook Cases) ආශ්රිතව සිදුකල වැටලීම් 188 කින් උසාවි ගාස්තු හා ලංකා විදුලිබල මණ්ඩලයට සිදුකල පාඩුව වෙනුවෙන් රුපියල් 2,687,177.77 ක මුදලක් ද ඇතුළුව මුළු මුදල ලෙස රුපියල් 75,080,652.57 ක් අයකර ගැනීමට සමත් වූ බව ලංවාම වැඩිදුරටත් පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විදුලි වංචා මැඩලීම සඳහා ඉදිරියටත්, දිගින් දිගටම විමර්ශන කටයුතු කරගෙන යන අතර කෙසේ වුවද; රටේ ආර්ථිකයට සෘජුවම බලපාන විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත්, එම විදුලිය නෛතික රාමුවෙන් තොරව ලබා නොගන්නා ලෙසත් ඉල්ලා සිටින බව ලංවිම වැඩිදුරටත් සඳහන් කරයි.