වෝහාරික වාර්තාව මගින් සැබෑ හොරකම යට ගසා වෙනත් කාරණා පිළිබඳ සාකච්ඡා කර ප්රශ්නය වෙනතකට යැවීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මහ බැංකු බැඳුම්කර වංචාවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා එල්ල වූ බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
වෝහාරික වාර්තාව සකස් කිරීමේදී පසුගිය ආණ්ඩුව යම් කපටිකමක් සිදුකර තිබෙන බවත්, මේ නිසා මුළු රටම බලාසිටි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනතාව නිශ්චිතව බලාපොරොත්තු වූ දේ නොලැබෙන බවද දිසානායක මහතා පවසා සිටියේය.
මේ නිසා නිශ්චිත කාරණයට දඬුවම් ලබා දෙනවා වෙනුවට පඹගාලක පටලවා තිබෙන බවත්, එය අපරාධයක් බවත්, මේ නිසා ඇත්ත ප්රශ්නය වසා දමා තිබෙන බවත්, මේ නිසා ඇත්ත ප්රශ්නය වසා දැමීමට ඉඩ නොදෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
VIDEO