කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ සීගිරිය මාස තුනකට පසුව නැවතත් අද ( 01) දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කිරීම සිදු කෙරෙන ලදී.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන සීගිරිය කෞතුකාගාරය සහ සීගිරි පව්ව තරණය කිරීම සඳහා මෙදින සිට සෞඛ්‍ය ආරක්ෂිතව සංචාරකයන්ට ගමන් කළ හැකි බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
ඒ අනුව විවෘත කළ පළමු දින දේශීය සහ විදේශීය සංචාරකයන් ඉතා අඩු වශයෙන් පැමිණ තිබුණු අතර පාකිස්තාන ශ්‍රී ලංකා මහකොමසාරිස් මොහොමඩ් ශාෆිඩ් කටා මහතා සහ ඔහුගේ පවුලේ පිරිස සීගිරි නැරඹීමට පැමිණ සිටිම විශේෂත්වයක් විය .
එමෙන්ම පළමු දිනයේම සීගිරිය නැරඹීම සඳහා දුර පළාත් කිහිපයක දේශීය සංචාරකයන් ද පැමිණ සිටිනු දැක ගැනීමට හැකි විය.
මධ්‍යම සංස්කෘතික අරමුදල සේවික සේවිකාවන් ඉතා ආරක්ෂාකාරීව මුහුණු ආවරණ යොදා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීම ආදී කටයුතුවල නිරතව සිටියහ.
එමෙන්ම සිගිරිය ප්‍රවිෂ්ඨ ජල උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සුළුව සේවකයින් විසින් සිදුකරන ආකාරය ද මෙදින දැකගැනීමට හැකි විය.
දෙස් විදෙස් සංචාරකයන් අගෝස්තු මාසයේ විශාල වශයෙන් පැමිණෙන නිසා සංචාරකයන්ගේ පහසුව සඳහා සහ ස්ථානයේ ආරක්ෂාව සඳහා මෙම නඩත්තු කටයුතු දිගටම සිදුකරගෙන යන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරි ව්‍යාපෘති කළමනාකාර තුසිත හේරත් මහතා කියා සිටී.