දැනට වසරකට ඩො.මි 2500ක ණය ප්‍රමාණයක් ගෙවා දැමීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ ඊයේ (15දා) පැවැති කෘෂිකාර්මික නව්‍යකරණ ලෝක බැංකු ව්‍යාපෘතියේ අනුමත අයදුම්කරුවන් සමග ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
2015 ආණ්ඩුව භාරගන්නා විටත් තිබූ ණය ප්‍රමාණයෙහි පොලී මුදලවත් ගෙවා ගැනීමට හැකියාවක් නොතිබූ බවත් ණය කෙතරම් ප්‍රමාණයක් තිබුණත් අවශ්‍ය මුදල් යොදවමින් එය කළමනාකරණය කර තිබෙන බවත් ඉදිරි වසර කිහිපය තුළදී මේ රටේ නිෂ්පාදන ඉහළ දමමින් ණය බර අඩු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම පැවසීය.
එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවමින් කෘෂිකර්මාන්තය නවීකරණය සිදු කළ යුතු බවත් ඒ සඳහා ලෝක බැංකුව යටතේ ඩොලර් මිලියන 102ක මුදලක් ලබාදී ඇති බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.