ලබන අප්‍රේල් මස 02 වෙනිදා සහ 03 වෙනිදා රජයේ විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ජේෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ නිවෙස්වල සිට බැංකු වෙත රැගෙන ගොස් යලි නිවෙස් කරා රැගෙන ඒමේ ක්‍රමවේදයක් රජයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ආරම්භ කරන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
මේ අනුව අදාළ ප්‍රදේශවල ග්‍රාමසේවක නිලධාරින් සමග සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි යුධ හමුදාපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියි