වැඩිම කෝවිඩ් ආසාදිතයින් පිරිසක් හමුවු වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු අද (23) සිට අදියර කිහිපයක් යටතේ ආරම්භ කරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය කෝවිඩ් වෛරසයෙන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරමින් ඊට අදාල ලිපිය පසුගිය 19 දිනය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නාවික හමුදාපතිවරයාට දැනුම්දෙනු ලැබීය.
ඒ අනුව කොටස් වශයෙන් වැලිසර නාවික හමුදා කදවුරේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.