කොළඹ වරායේ සිට කොළොන්නාව තොග ගබඩා සංකීර්ණයට ඉන්ධන පොම්ප කිරීමටනව නළ මාර්ග දෙකක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් ගබඩා හා පර්යන්ත සමාගම සඳහන් කරයි.
අඟල් 18 ක විශ්කම්භයකින් යුතු කිලෝ මීටර් 5.5 ක දුරින් යුක්ත මෙම නළ මාර්ග පද්ධතිය ඉදිකිරීමට ඇස්තමේන්තු ගත මුදල ඩොලර් මිලියන 60 ක් බවත්, මෙම ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලබාගැනීමට ඉදිරි සතියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද සමාගමේ සභාපති එම්.ආර්. ඩබ්. ද සොයිසා මහතා සඳහන් කළේය.