අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන හැටන් පතන ශ්‍රි පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවදානමක් හේතුවෙන් විද්‍යා පිඨය තාවකාලිකව වසා දමන ලෙස කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ නිලධාරින් විසින් එම විද්‍යා පිඨයේ පිඨාධිපතිනියට අද (30) දින උපදෙස් දි ඇත.
ලබන 5 දින තෙක් මෙම විද්‍යා පිඨය වසා දමන ලෙසයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ නිලධාරින් පිඨාධිපතිට උපදෙස් ලබා දි ඇත්තේ.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන ගුරු සිසු සිසුවියන් 200කට ආසන්න පිරිසකට ඊයේ (29) දින සිට උණ රෝගය සහ ශ්වසන අපහසුතා ඇති විම නිසා කොටගල ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර , අද (30) දිනයෙත් ගුරු සිසුන් 50කට ආසන්න පිරිසක් කොටගල ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි කොටගල ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි වෛද්‍ය සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසුවාය.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපනය ලබන තවත් සිසුන් පිරිසක් දික්ඔය මුලික රෝහල වෙත යොමු කල බව කොටගල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරිය පැවසුවාය.
ශ්‍රිපාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් විද්‍යාපිඨය තුළ විමර්ශනයක් සිදු කරන බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.